BREAKING NEWS

ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන් වෙයි!

කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත. එහි එක් පියවරක් ලෙස ව්‍යවසායකයන්ගේ ගැටළුවලට අදාළ සෞඛ්‍ය හා වෙනත් රාජ්‍ය ආයතනවල බලධාරීන් සම්බන්ධ කරගනිමින් ක්ෂණික විසඳුම් ලබාදීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.

එහි පළමුවැන්න අද (19) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ‍ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ඩී.එම්.පී දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙම අන්තර්ජාල සජීවී සංවාදය facebook.com/WimalWeerawansa.sl සහ facebook.com/neda.srilanka යන ෆේස්බුක් පිටු ඔස්සේ විකාශය කෙරුණු අතර සංවාදය මෙහෙයවීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා විසින් සිදු කරනු ලැබී ‍ය.

මාධ්‍ය ඒකකය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
2020.05.19

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*