BREAKING NEWS

“CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙල, කර්මාන්ත ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ලාංකේය කර්මාන්තකරුවන්ගේ භූමිකාව අගයයි!

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරනු ලබන කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගැයීමේ උළෙල අද(12) සවස කොළඹ ගලදාරි හෝටලයේදී සෞඛ්ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි.

මෙම උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙහිදී ක්ෂුද්ර, කුඩා, මධ්ය හා මහා පරිමාණ යන වර්ගීකරණයන් යටතේ මෙරට නිෂ්පාදන හා සේවා අංශවලට අයත් කර්මාන්ත අතරින් විශිෂ්ටතම කර්මාන්ත 2021 වසර සඳහා මෙසේ සම්මානයෙන් පිදුම් ලදහ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජෙනරාල් දයා රත්නායක, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ(CNCI)සභාපති කැනීෂියස් ප්රනාන්දු ඇතුළු මෙරට ප්රමුඛතම ව්යවසායකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*