BREAKING NEWS

IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ආර්ථිකයේ හදවත බවත් එය කිසි කෙනෙකුට වගනොකියන නිලධාරීන් කණ්ඩායමකට පමණක් පාලනය කිරීමට ඉඩදීම යනු රටේ අවුල වියවුලක් කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.

මෙවැනිම ක්‍රියාමාර්ගයක් IMF උපදෙස් අනුව ග්‍රීසිය විසින් අනුගමනය කිරීමෙන් විශාල මානව ඛේදවාචකයට ඒ රට මුහුණ දී ඇති අතර එහි බර පතලකම කොතරම්ද යත් IMF තමන් කළ අපරාධ සම්බන්ධයෙන් ග්‍රීසියේ වැසියන්ගෙන් සමාව ඉල්ලූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*