BREAKING NEWS

“මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..” – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුවට ස්වාධීන බලයක් නොතිබුණු කාලයකදීත් මහ බැංකුව කැඩුවනම්, එය ස්වාධීන කළහොත් මහ බැංකු අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බැරි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම් පතට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්රේෂාධිකරණය විසින් විභාගයට ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්යවේදීන් නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*