BREAKING NEWS

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ජාවක්…

වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාට හෘදයාංගම ස්තුතිය පුදකරන බව සිනමා ක්ෂේත්ර 7ක් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ කියා සිටියහ. ඔවුන් ඒ බව කියා සිටියේ අද (09) කර්මාන්ත අමාත්යවරයා සහ ඔවුන් අතර සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ පැවති විශේෂ සාකච්ජාවකදීය.

සිනමා කර්මාන්ත ක්ෂේත්රයේ දැනට පවතින ගැටළු, යෝජනා සහ ඉදිරියට ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. සිනමා කර්මාන්තය ප්රවර්ධනය සහ නියාමනය සඳහා නියාමන අධිකාරියක අවශ්යතාව, ජාත්යන්තර සිනමාව තරණය කිරීම සඳහා අවශ්ය පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා සහ අදහස් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලය කේන්ද්ර කරගනිමින් ප්රේක්ෂකයින් 100කට පමණ එකවර චිත්රපට නැරඹිය හැකි මිනි තියටර් (Mini Theater ) ක්රමවේදයක් හඳුන්වා දීමේ ඉදිරි පියවර ද මෙහිදී සාකච්ජා කෙරුණු අතර ඒ පිළිබඳව සහ සිනමා කර්මාන්තකරුවන්ට අවශ්ය ඉදිරි සහාය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට යෝජනා කෙරිණි.

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යාංශය

2022.02.09

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*