BREAKING NEWS

‘අමා සුවඳ ඉටිපහන්’ කර්මාන්තයට ඇමති විමල්ගේ අතහිත….

කඩුවෙල, කොරතොට ප්රදේශයේ කුඩා පරිමාණ ව්යවසායක පවුලක් විසින් පවත්වාගෙන යනු ලබන ‘අමා සුවඳ ඉටිපහන්’ කර්මාන්තය මධ්ය පරිමාණ ව්යවසායක් ලෙස සංවර්ධනය කර දීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මැදිහත්ව තිබේ. එම ඉටි පහන් කර්මාන්තය සංවර්ධනයට අවශ්ය අච්චු, යන්ත්රසූත්ර කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබාදීමට කටයුතු කරන ලෙස ඊයේ (01) එම කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්යවරයා එහි සභාපතිවරයාට ඒ මොහොතේදීම උපදෙස් ලබා දුන්නේය.

දැනට එම ව්යසායක පවුල ජීවත්ව සිටින නිවසේම කොටසක ඉටිපහන් කර්මාන්තය පවත්වාගෙන යන ආකාරය දුටු අමාත්යවරයා තමා සමඟ එම නිරීක්ෂණයට එක් වූ කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතාට පවසා සිටියේ එම නිවස පිහිටි ඉඩමේම කර්මාන්තය පවත්වාගෙන යාමට ගොඩනැඟිල්ලක් ඉදිකර දීමට මැදිහත් වන ලෙස ය.

සාමාන්ය ඉටිපන්දමේ සිට උපන් දින උත්සව ඇතුළු වෙනත් උත්සව සඳහා අවශ්ය නිර්මාණාත්මක ඉටිපන්දම්, පින්කම් කටයුතු සඳහා යොදා ගන්නා ඉටිපන්දම්, විවිධ සුවඳ කැවූ ඉටිපන්දම්, ඉටි මිශ්රිත එළඟි තෙල් ඇතුළු තෙල් වර්ග යෙදූ පහන් හා දාහක ‘ අමා සුවඳ ඉටිපහන්’ නිෂ්පාදන අතර වේ. 685/2A, වරාකනත්ත, කොරතොට, කඩුවෙල යන ස්ථානයේ පිහිටි තම නිවසේ සිට රුවන් කුමාර මහතා සහ එම මහත්මිය ඉටිපහන් කර්මාන්තය දැනට පවත්වාගෙන යනු ලබයි. 0766669975 දුරකථනය ඇමතීමෙන් එම නිර්මාණාත්මක ඉටිපහන් ඇණවුම් කිරීමේ අවස්ථාව ඇති බව ද රුවන් කුමාර මහතා පවසයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*