BREAKING NEWS

අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ලංකා සිමෙන්ති සමාගමට අයත් එහෙත් පෞද්ගලීකරණය හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ඉහත පෞද්ගලික සමාගම හුණුගල් ලබා ගැනීම සඳහා සිදු කරන කැනීම්වලදී ඉවත් කරන රතු පස් තට්ටුවෙහි ටයිටේනියම් ඇතුළු වටිනා ඛනිජ තිබෙන බව තමන් වෙත වාර්තා වී තිබුණු බවත් ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමට එහි පැමිණි බවත් වීරවංශ අමාත්යවවරයා පැවසීය.

මේ වන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම රතු පසෙහි අඩංගු ඛනිජ පිළිබඳ පර්යේෂණ සිදු කරන බවත් පැවසූ අමාත්යමවරයා දැනට සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත නොවන ලංකා සිමෙන්ති සංස්ථාව ඉදිරියේදී ඒම කාර්යෙහි නිරත කරවීමේදී මතුවන ගැටළු විමසා බැලීම ද තම නිරීක්ෂණ චාරිකාවෙහි තවත් අරමුණක් වූ බවත් සඳහන් සඳහන් කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*