BREAKING NEWS

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තඛා රට සවිමත්ව පෙරට ගෙන යාමට අත්වැල් බැඳ ගනිමු!

කෘෂිකර්මාන්තයේ නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

හින්දු බැතිමතුනට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් උදා වූ නව වසරත් සමඟම සුබ කටයුතු, නව බලාපොරොත්තු හද පුරවාගත් ශ්රී ලාංකේය හින්දු බැතිමතුන්ට ප්රථම කොටම සුබ නව වසරක් වේවා’යි අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු.

මීට දහතුන් වසරකට පෙර ශ්රී ලාංකේය අප සතු වූයේ යුද්ධයේ අදුරු සෙවනැලිවලින් වැසී ගිය රටකි. ඉන් මිදුණු අපි ඒ අඳුරු මතකයන් මකා දමමින් පෙරට ගමන් කරමින් සිටින්නෙමු. ඒ ගමනට ජාතික සමගියට සැමදා අඩ තබන දෙස් විදෙස් බලවේග තවදුරටත් බාධා කරන බව ජාතියක් ලෙස අප තරයේ මතක තබා ගත යුතුය. එහෙයින් පටු ජාතිවාදී, බෙදුම්වාදී, ”හලාහල වස” පොවමින් ජාතික සමඟියට බාධා කරන්නවුන් පරදවමින් උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා රට සවිමත්ව පෙරට ගෙන යාමට අදිටන් කර ගන්නා ලෙස ශ්රී ලාංකේය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2022.01.14
About the Author

Leave a Reply

*