BREAKING NEWS

කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්ත දිරිගැන්වීම හා ඒවාට පහසුකම් සැලසීම අරඹා තිබෙනවා” – මසකට සෝයා මෙට්‍රික් ටොන් 6000ක් අවශ්‍ය වන දැවැන්ත සෝයා තෙල් නිෂ්පාදනාගාරය විවෘත කරමින් ඇමති විමල් පවසයි.

කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්ත දිරිගැන්වීම හා ඒවාට අවශ්ය පහසුකම් සැලසීම තම අමාත්යාංශයේ ප්රමුඛතම කාර්යයක් බවත් අදාළ කර්මාන්තකරුවන්ට අවශ්ය කෘෂි නිෂ්පාදන නිසි ප්රමිතියෙන් හා අඛණ්ඩව ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් නුදුරේදීම අරඹන බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (02) කුරුණෑගල, උඩුබද්දාව, බිබිලදෙනිය, තල්ගහපොත ප්රදේශයේදී සෝයා ඇට යොදා ගනිමින් සෝයා තෙල් පිරිපහදු කිරීම වෙනුවෙන් ඇරඹි අම්රො රිෆයිනර් කර්මාන්තශාලාව විවෘත කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
මෙම කර්මාන්ත ශාලාව දිනකට සෝයා තෙල් කිලෝ 15,000ක නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත වන අතර නිෂ්පාදන කටයුතු සඳහා මසකට අවශ්ය වන සෝයා ප්රමාණය මෙට්රික් ටොන් 6000ක් පමණ වේ.
එය ඇරඹීමත් සමගම මෙරට සෝයා ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් ඔවුනට මේ වන විට මසකට සැපයිය හැකි සෝයා ප්රමාණය මෙට්රික් ටොන් 800ක් බැවින් ඉදිරියේදී සෝයා ගොවීන්ට තම වගා කටයුතු පුළුල් කර විශාල ආදායමක් ලබා ගැනීමේ ඉඩකඩ විවරව ඇති බවත් මෙහිදී වීරවංශ අමාත්යවරයා පෙන්වා දුන්නේය.
තම අමාත්යාංශය ඉදිරියේදී කෘෂිකර්ම අමාත්යාංශය සමග ඒකාබද්ධව කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්තකරුවන්ගේ අවශ්යතා හඳුනාගනිමින් සැලසුම් සහගතව ගොවීන්ගෙන් අවශ්ය කෘෂි නිෂ්පාදන ඔවුනට නිසි ප්රමිතියෙන් හා අඛණ්ඩව ලබාදීම මගින් මේ වන විට පැන නැගී ඇති ගැටලු නිරාකරණය කර දීමට හැකි වන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඉදිරි කාලයේදී රට පුරා කර්මාන්ත අමාත්යාංශය මගින් කර්මාන්තපුර රැසක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත් එහිදී කුරුණෑගල අරඹන කර්මාන්ත පුරයෙහි කෘෂි නිෂ්පාදන මත අගය එකතු කර්මාන්ත ඇරැඹීමට කර්මාන්තකරුවන් උනන්දු කරවන බවත් එමගින් දිස්ත්රික්කයේ ගොවි ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේ ඉඩකඩ නිර්මාණය වන බවත් අමාත්යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අම්රො රිෆයිනර් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ද එක්ක සිටියේය.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*