BREAKING NEWS

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ මෙවර අය-වැයෙන්… අනු කාරක සභාවේ සියලු නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි…

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් පත් කළ අමාත්ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්යාපන අමාත්යාංශය විසින් ක්රියාත්මක කළ යුතු යැයි අමාත්ය මණ්ඩලය තීරණය කරන ලදි. මේ අනුව වසර 24 ක් තිස්සේ පැවති ඉහත ගැටළුව මාස 06 තුළ විසඳීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ.

සියලු නිර්දේශ මෙසේ මාස 06 තුළ ක්රියාත්මක වන අතර ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කිරීමට ද අමාත්ය මණ්ඩලය තීරණය කරනු ලැබීය. තවද අනුකාරක සභාව විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022 අය-වැය යෝජනාවක් මගින් අදියරගතව ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය පියවර ගැනීමට ද අමාත්ය මණ්ඩලය ඊයේ තීන්දු කළේය.

එසේම 2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරිවල නිරත වන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5000/- ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම ද අමාත්ය මණ්ඩලය තීරණය කෙරිණි.

– අමාත්ය අනුකාරක සභාවේ සාමාජික,
කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*