BREAKING NEWS

බුද්ධ කෘතිය ජනගත වෙයි

මහාචාර්ය ට්රෙවෝ ලිං විසින් රචිත බූද්ධ කෘතිය සිංහලයට පරිවර්තනය වී ජනගත වූයේ 2021 මාර්තු 16 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ දී ය. මෙම ග්රන්ථය නයෝමා ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කොට තිබිණි.

මෙම කෘතිය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දැරූ අතර ප්රවීණ මාධ්යවේදී අශෝක දර්ශන කුමාර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ, අමාත්ය වාසුදේව නානායක්කාර, අමාත්ය විමල් වීරවංශ යන මහත්වරු කෙටි දෙසුම් පැවැත් වූහ.

මාධ්ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2021-03-17
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*