BREAKING NEWS

මෝටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක සභාවේ සභාපතිවරයා සහ කමිටු සාමාජිකයින් පත් කෙරේ

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක සභා පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ පිහිටුවූ මෝටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්රයේ උපදේශක සභාවේ සභාපතිවරයාට සහ කමිටු සාමාජිකයින්ට පත්වීම් ලබාදීම කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (05) කර්මාන්ත අමාත්යංශයේදී සිදු කෙරිණි.

එම ක්ෂේත්රයට අදාළ රාජ්ය ආයතන, විශ්ව විද්යාල ඇතුළු පර්යේෂණ ආයතන හා ක්ෂේත්රය නියෝජනය වන පරිදි සභාපතිවරයා සහ කමිටු සාමාජිකයින් පත් කරන ලදී. එම උපදේශක සභාවේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දීමන්ත ජයවර්ධන මහතා පත්කළ අතර කර්මාන්ත අමාත්යවරයා අතින් එම පත්වීම ප්රදානය කරන ලදී.

රාජ්ය ආයතන නියෝජනය කරමින් ප්රවාහන රාජ්ය අමාත්යාංශයේ ලේකම් එම්. එම්. ඩී. එල්. ද අල්විස්, ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ටී. වී. ඩී. ඩී. කරුණාරත්න මිය, කර්මාන්ත අමාත්යාංශයේ අධ්යක්ෂ ඩබ්. එම්. ආර්. විජේකෝන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ඉන්දික සුගතදාස, ශ්රී ලංකා රේගුවේ අධ්යක්ෂ මහින්ද ජයවර්ධන, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ප්රසන්ජිත් විජයතිලක, රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්. තෙන්නකෝන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩබ්. ඒ. පී. නිශාන්ත, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන, ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනයේ නියෝජ්ය ප්රධාන ඉංජිනේරු ඩබ්. එස්. ප්රනාන්දු යත් මහත්වරු ද විශ්වවිද්යාල නියෝජනය කරමින් මොරටුව විශ්වවිද්යාලයේ ආචාර්ය කේ. වී. ඩී. එස්. චතුරංග, පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාර්ය එච්. කේ. පී. පුංචිහේවා යන මහත්වරු ද පුද්ගලික අංශය නියෝජනය කරමින් Micro Cars සමාගමේ අධ්යක්ෂ අසේල ලිහිණිකඩුව, ශ්රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති රවිත් සිල්වා, IDEAL මෝටර් සමාගමේ අධ්යක්ෂ සුරේන් ගලගොඩ, ඩීසල් සහ මෝටර් ඉන්ජිනියරින්ග් පුද්ගලික සමාගමේ (ප්රධානී- මෝටර් රථ එකලස් කිරීම) කෝසල මඩවල, Leader Battery පුද්ගලික සමාගමේ සභාපති ශ්රියන්ත කුරේ, UNIMO එන්ට්රප්රයිසස් ප්රධාන විධායක නිලධාරි මහේෂ් ගුණතිලක, TVS ලංකා පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී ශිතාල් ඇන්තනි, Accolade Engineering Pvt Ltd ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිලධාරි රජිව් චන්ද්රකුමාර, Nevorp Corparation පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී සංදීප් විජේසිංහ යන මහත්වරු ද කමිටු සාමාජිකයෝ ලෙස පත්වීම් ලිපි අමාත්යවරයා අතින් බාර ගත්හ.

පත්වීමේ ලිපි ලබාදීමෙන් අනතුරුව පිරිස ඇමතු අමාත්යවරයා කියා සිටියේ සුරියවැව කර්මාන්තපුරයෙන් මෙම ක්ෂේත්රය ආශ්රිත කර්මාන්තකරුවන් වෙනුවෙන් නව අවස්ථා ලබාදීමට ඉදිරියේදී සුදානමින් සිටින අතර මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වේගයෙන් දියුණු කර ගනිමින් පවත්වාගෙන යෑමට කර්මාන්ත අමාත්යාංශය සුදානම් බවය. සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසු මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්ත 3 සිට 10 දක්වා වැඩිවූ අතර ඉදිරියේදී තවත් ජාත්යන්තර සන්නාම සහිත කර්මාන්තකරුවන්ට මෙරටට පැමිණීමට එමගින් ඉඩක් ලබාදුන් බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු කර්මාන්ත අමාත්යාංශ නිලධාරීහු, රාජ්ය ආයතන නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීහු හා කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*