BREAKING NEWS

“අද පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ අපේ රජය වැක්සීන්කරණයට ලබාදුන් බලවත් ප්‍රමුඛතාව සහ රට තුළ පවතින මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්‍ය සේවාව නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් දක්වා විහිදුණු, මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්ය සේවාවක් අප රට සතු වීම යන කරුණු දෙක හේතුවෙන් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(05) මාලබේ ආදර්ශ පිරිමි විද්යාලයෙහි තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“මෙම පාසලේ විවිධ භෞතික අවශ්යතාවන් සම්පූර්ණ කිරීමේදී කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ප්රමුඛතාව දී කටයුතු කිරීමට අප සැම විට උනන්දු වූවා. ඒ, හොඳ විදුහල්පතිවරයෙකු, ආචාර්ය මණ්ඩලයක් මගින් හොඳ දරු පරපුරක් ජාතියට තිළිණ කරන අධ්යාපන කේන්ද්රස්ථානයක් ලෙස මෙම පාසල බොහෝදෙනාගේ පිළිගැනීමට හා ඇගයීමට ලක්ව තිබීම නිසයි. දිනේෂ් ගුණවර්ධන අමාත්යතුමන් ඇතුළු අප සියලුදෙනා අද මුල්ගල තබනු ලැබුවේ මෙම පාසලෙහි තවත් ඉතා වැදගත් අවශ්යතාවක් ඉටු කර දීමටයි. මාලබේ ආදර්ශ පිරිමි විදුහලෙහි තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම පිණිස පියවර ගනු ලැබූ අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කඩුවෙල ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කෘතවේදීත්වය, ගෞරවය හා ප්රණාමය පුද කර සිටීම මගේ යුතුකමක්.

‘පාසල් විවෘත කිරීමට පියවර ගත් හැටි’

අපේ රටේ අධ්යාපනය විවිධ යුගවල, විවිධ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙම කලාපයේ තිබෙන සෙසු රටවලට සාපේක්ෂව අපේ රට, නිදහස් අධ්යාපනය බොහෝ සෙයින් ආරක්ෂා වී තිබෙන රටක්. දකුණු ආසියාවේ බොහෝ රටවල මේ ආකාරයේ නිදහස් අධ්යාපනයක් පවත්වාගෙන යාම සිදුවන්නේ නැහැ. මේ ආකාරයෙන් පාසල් විවෘත කරලා, ඔබ අප සැමට මුණගැසීමට පුළුවන් වුණේ එක් පැත්තකින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු අපේ රජය වැක්සීන්කරණයට ඉතා බලවත් ප්රමුඛතාවක් ලබා දී කටයුතු කිරීම නිසා සහ අනෙක් පැත්තෙන් මහජනයා සමඟ බද්ධ වුණු, ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් දක්වා විහිදුණු, මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්ය සේවාවක් අපේ රට සතු වීම නිසයි. නිදහස් අධ්යාපනය සහ නිදහස් සෞඛ්ය සේවාව අපේ රටට උරුම වුණේ බටහිර අධිරාජ්යවාදීන් අපේ රට ගිල ගැනීමට කලින්. ලෝකයේ ඉපැරණිම රෝහල් පද්ධතිය හා ඊට අදාළ අධ්යාපන ආයතනය මිහින්තලය ආශ්රිතව සිදුකළ පුරාවිද්යා කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. එම රෝහල තුළ තිබී හමුවෙනවා ශල්යකර්ම උපකරණ කට්ටලයක්. එම ශල්යකර්ම උපකරණ කට්ටලය තුළ තිබී හමුවෙනවා ශරීර අභ්යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරක්. එම කතුරේ යටිතලය කොටයි, උඩු තලය දිගයි. අද නූතන ශල්ය වෛද්යවරයා ශරීර අභ්යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරත් ඒ ආකාරයමයි. එදා ඒ ලෝකේ ඉපැරණිම රෝහල වූ මිහින්තලා රෝහලේ සිටි අපේ ශල්ය වෛද්යවරයා, නූතන ශල්ය වෛද්යවරයා භාවිතා කරන සැත්කම් කතුරට සමාන කතුරක් භාවිතා කළ බවයි ඉන් කියැවෙන්නේ. අපේ ඉතිහාස කතාවල කියැවෙනවා, පොහොය දිනයේදී තම රාජකීය ඇඳුම පසෙකලා ශල්යාගාරයට සුදුසු ඇඳුමකින් සැරසුණු රජවරු, කුල මල භේද කිසිත් නොතකා ශල්යකර්මවලට බඳුන් කළ යුතු රෝගීන්ට ශල්යකර්ම සිදු කළ බව. බුද්ධදාස රජතුමා වැනි වෛද්ය දැනුමෙන් පරිපූර්ණ රජවරුන් ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා.

‘ප්රබලතම සම්පත මානව සම්පතයි’

එම ඉපැරණි රෝහල් සඳහා අවශ්ය වූ මහා පරිමාණ ඖෂධ උද්යාන ගැන අප අසා තිබෙනවා. සෙල්ලිපි අධ්යයනය කරන විට බදුලු සෙල්ලිපියේ කියවෙනවා, එම රෝහල් සතු පොදු සම්පත් පරිහරණය කළ ආකාරය ගැන. ‘එම රෝහල් භූමියේ වගා කර ඇති පළතුරුවල ඵලදාව රෝහලෙන් පිටතට ගෙන නොයා යුතුයි. රෝගීන් වෙනුවෙන්ම යොදාගෙන යුතුයි.’ යන්න එහි තැනක සඳහන්. එදා හොඳ අධ්යාපන ක්රමවේදයක් නොතිබුණා නම් ශල්ය වෛද්යවරයෙකු බිහි කරන දැනුමක් අප සතු වන්නේ නැහැ. එම උරුමය තමයි, බ්රිතාන්ය යටත්විජිතයෙන් නිදහස් වූවාට පසු අප ආරම්භ කරපු ගමනේදීත් නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්ය සේවාව ලෙස එක්තරා ආකාරයකට අපට ඉතිරිව ඇත්තේ. මේ දරුවෝ, මේ මානව සම්පත තමයි අපට තිබෙන ප්රබලතම සම්පත. ඉතිහාසයේ අපි මුහුණ දුන් සෑම අභියෝගයක්ම ජය ගෙන ඇත්තේ අපේ රටේ මානව සම්පතේ හැකියාව නිසයි.

‘ඊශ්රායලයට ලොකුම තර්ජනය ලංකාව’

අපේ අමාත්යාංශයේ ලේකම්, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මැතිතුමන් ඔහු මුහුණ දුන් එක්තරා අත්දැකීමක් පිළිබඳව මට පැවසූ කතාවක් මේ අවස්ථාවේ සිහියට එනවා. එයට පදනම් වෙන්නේ එතුමා ඊශ්රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්රධානියා අහපු ප්රශ්නයක්. එතුමා මෙරට හමුදාපතිවරයා ලෙස ඊශ්රායලයට ගියාම එරට හමුදා ප්රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා. නමුත් ඊශ්රායලයේ හමුදා ප්රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා. එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා. නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්, එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.

මට වගේම අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මතක ඇති යුද්ධ කාලේ ඊශ්රායලයෙන් එවූ බර අවි තොගයකට බරපතළ හානි කරලා තිබුණා අතරමගදී. ඒවා හදන්න ඊශ්රායලයට යවා අලුත්වැඩියා කර ගැනීමට වෙලාවක් තිබුණේ නැහැ. යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවක තිබුණේ. එදා මොරටුව විශ්වවිද්යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඉතා කෙටි කාලයක් තුළ තිබුණාටත් වඩා හොඳට එම බර අවි තොගය හදලා යාපනය අර්ධද්වීපය බේරා ගැනීම සඳහා යැවීමට දායක වුණා. ඒ අවි තොගය ඊශ්රායලයට යවා නැවත ගෙන්වා ගැනීමට සිදු වුණා නම්, ඒ නියමිත මොහොතේ ඒවා යොදා ගැනීමට නොහැකි වීමෙන් අපේ ඉතිහාස කතාවත් මීට වඩා වෙනස් වීමට තිබුණා.

මේ වගේ අත්දැකීම් නිසා තමයි ඊශ්රායලය ඉහත කී නිගමනයේ සිටින්නේ. එවැනි ‘මීටර්’ අපේ රටේ සිටිනවා. මේ හැම දරුවකුම එවැනි “මීටරයක්” බවට පත්කළ යුතුයි. ස්ත්රී පුරුෂ භේදයක් සෑදීමට නොවෙයි මා මෙය කියන්නේ, විශ්වවිද්යාල ප්රවේශය ලබන දරුවන් අතර ඉංජිනේරු පීඨ හැර අනෙක් සියලුම පීඨවලට ඇතුළු වන ගැහැණු දරුවන් ප්රමාණය වැඩියි. ප්රතිශතයක් ලෙස ගත්තොත් 70% – 30% ලෙස දැක්විය හැකියි. ඒ නිසා මම හිතනවා අපේ පිරිමි දරුවන් තම උසස් අධ්යාපන අවස්ථා වඩා වැඩියෙන් අත්කර ගැනීමට මීට වඩා යුහුසුළුව උනන්දු වෙයි, කියා.

‘ක්රීඩා පිටිය පාසලට පවරා දිය හැකියි’

මෙහිදී විදුහල්පතිතුමන් පැවසූ ‘ක්රීඩා පිටිය’ මුදල් අයකිරීමකින් තොරව මෙම පාසලට පවරා දීමට හැකිදැයි මම නාලක ගොඩහේවා රාජ්ය ඇමතිතුමන් වෙතින් විමසුවා. එතුමන් පැවසුවේ විෂයභාර අමාත්ය, ගරු අග්රාමාත්යතුමන් දැනුම්වත් කොට අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්රිකාවක් මගින් එය සිදු කළ හැකි බවයි. මෙම කැබිනට් පත්රිකාව අනිවාර්යයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් මේ පාසලේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරයි. එසේ ඉදිරිපත් කළාම කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ලෙස අපේ සහයෝගයත් ඊට ලබාදීම මගින් ඔබ සැමගේ එකී අවශ්යතාව ඉටු කර දෙන බව අවධාරණය කරමින්, ඔබ සැමට ජය පතමින් මා නිහඬ වෙනවා”

අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල්, මාලබේ ආදර්ශ පිරිමි විද්යාලයේ විදුහල්පති සිසිර ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022.01.05
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Related Posts

Leave a Reply

*