BREAKING NEWS

වාසිදායක තත්වය නියමානුකූලව යොදාගත යුතුයි. නැතිනම් ‘පිටරට පුටුවත් නැහැ – ලංකාවේ පුටුවත් නැහැ’ කියන වාතාවරණය ඇති වේවි -දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් පිළියම් යොදමින් කර්මාන්ත ඇමති කියයි

දැව භාණ්ඩ ආනයනය සීමා වී ඇති මේ මොහොතේ එම වාසිදායක තත්වය නියමානුකූලව යොදා ගනිමින් ගුණාත්මක තත්වයෙන් ඉහළ දැව භාණ්ඩ නිපදවීමට දැව ආශ්රිත කර්මාන්තකරුවන් කඩිනමින් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා අවශ්ය රාජ්යමය අනුග්රාහකත්වය ලබා දීමට තමන් කැපවෙන බවත් පවසන කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එසේ නොවුණහොත් ‘පිටරට පුටුවත් නැහැ – ලංකාවේ පුටුවත් නැහැ’ කියන තත්ත්වය ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.

ඊයේ (24) කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල ශ්රවණාගාරයේ රාජ්ය ආයතන ගණනාවක දායකත්වය ද සමගින් දැව ආශ්රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා කැඳවා තිබූ විශේෂ වැඩසටහනක දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ සුවිශේෂී අවධානයට ලක් නොවුණු විවිධ කර්මාන්ත නිසි අවධානයට ගැනීම සඳහා කර්මාන්ත කැබිනට් අමාත්යාංශයක් හදනවා වගේම ඒ යටතේ රාජ්ය අමාත්යාංශ තුනකුත් නිර්මාණය කරලා තියෙනවා. එකක් මූලික වශයෙන් මේ රටේ රෙදිපිළි නිෂ්පාදකයන්ව ඉහළට ඔසවාලීමටයි. අනික ස්වර්ණාභරණ ක්ෂේත්රයේ උන්නතිය අත්කර දීමටයි. ඒ වගේම රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මැතිතුමා යටතේ වඩු හා මැටි කර්මාන්තය ඇතුළු සුවිශේෂී කර්මාන්තවලට වැඩි අවධානය යොමු කර තිබෙනවා. එමගින් පෙනෙනවා කාලයක් තිස්සේ නිසි අවධානයට හා සැලකිල්ලකට ලක් නොවුණු දේශීය පාරම්පරික කර්මාන්ත වැඩිදියුණු කරන්න අපේ රජය ඉතා ඉහළ අවධානයක් යොමු කරලා තිබෙනවා කියලා.

ඒ වගේම කොවිඞ් 19 වසංගතය සමඟ ඇතිවුණ සුවිශේෂී වාතාවරණය යටතේ ගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ගනු ලැබූ තීරණ අනුව අපේ දේශීය කර්මාන්තවලට ඉතාමත්ම ඉහළ මට්ටමින් ඉදිරියට යාම සඳහා අවශ්ය වාතාවරණය පිළියෙළ කරලා තිබෙනවා.

වෙනත් රටවල්වලින් මේ රටේ වෙළඳපොළ ආක්රමණය කරපු බොහෝ නිෂ්පාදන අපට නිපදවන්න පුළුවන් නිෂ්පාදනයි. ඒවා අඩපණ වුණ හේතුවක් තමයි චීනයෙන් හෝ වෙනත් රටකින් හෝ අඩු මිලට එන නිෂ්පාදන එක්ක අපට මේ වෙළඳපොළ තුළ තරග කරන්න බැරි වීම. ඒ ගැටලුවටත් අද එක්තරා ආකාරයකට පිළිතුරු ලැබී තිබෙනවා. නමුත් මේ තත්ත්වය දිගටම පවතින්නේ ලැබී තිබෙන වාසිදායක අවස්ථාව නියමානුකූලව යොදාගත්තම පමණයි. නැත්නම් මේ රටේ පාරිභෝගික ජනතාවට ‘පිටරට පුටුවත් නැහැ, ලංකාවේ පුටුවත් නැහැ’ කියන වාතාවරණය ඇති වුණොත් වෙන්නේ පාරිභෝගිකයන්ගේ පැත්තෙ

න් හිතලා මේ ඇතිකරගෙන තිබෙන රෙගුලාසි වෙනස් කරන තැනට ආණ්ඩුව පත්වීමයි.

ඒ නිසා තමයි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන ලබා දීම සඳහා අපි රාජ්ය ආයතන ගණනාවකුත් සම්බන්ධකරගෙන මේ කතිකාව පටන්ගත්තෙ. රාජ්ය අමාත්යතුමාත් මමත් එකට එකතු වෙලා මේ සාකච්ඡාව ප්රායෝගික ප්රතිඵල ලැබෙන අවස්ථාව දක්වා ඉදිරියට ගෙන යනවා. මෙතුමා ඔබතුමන්ලාගේ කර්මාන්ත පවතින ස්ථානවලට පෞද්ගලිකව සහභාගී වෙලා ඒ කරුණු අධ්යයනය කරාවි. ඒ මගින් මොරටුවේ පමණක් නොවෙයි ශ්රී ලංකාවේ වඩු කර්මාන්තයත් අනෙකුත් සියලු කර්මාන්තවලටත් නැගී සිටීමට අවශ්ය කරන ශක්තිය හා එයට උවමනා රාජ්යමය අනුග්රාහකත්වය ලබා දීම සඳහා කැපවෙන බව අවධාරණය කරනවා.

එහිදී ඔබ සියලුදෙනාම ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්ය ආයතනවල බොහෝ මහත්ම මහත්මීන් අතිරේක කාලයක් යොදා ගනිමින් මේ කටයුතුවලට දායක වුණා. ඒ සියලුදෙනාටම කෘතවේදීත්වය පිරිනමනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය එහි පුරෝගාමීත්වය ගත යුතුයි. අද අපි ගත් තීරණ සියල්ල පසු විපරම් කරලා ඔවුන් ඒවා සාර්ථක කරන්න මැදිහත් විය යුතුයි. ඔවුන්ට තනිව ජයගන්න බැරි කාරණා තියෙනවා නම් එවැනි ගැටලු අපට ඉදිරිපත් කරලා ඒ ගැටලු නිරාකරණය කරගත යුතුයි.

ඉදිරියේදී මේ පරිශ්රයේදීම කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව කටයුතු කරන මණ්ඩපයක් අපි හැදුවාම මෙම ගැටලු ඉතාම කඩිනමින් විසඳගන්න පුළුවන්කම ලැබේවි. ඒ සඳහා ඔබ සියලුදෙනාටම ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා පතනවා.”

මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු, නාගරික මන්ත්රී සුරේෂ් ඉන්දික යන මහත්වරු ද රාජ්ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්රී ලංකා රේගුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,

කර්මාන්ත අමාත්යාංශය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*