BREAKING NEWS

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක

දැව ආශ්‍රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් එය ප්‍රවර්ධනය පිණිස කඩිනමින් ගත හැකි පියවර සාකච්ඡා කිරීම පිණිස දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්, අදාළ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඊයේ (24) ලක්කම් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ වැඩසටහනට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද එක්ව සිටියේය.

එහි දී ‘රාජ්‍ය දැව සංස්ථාව දැව කඳන්වල මිල ගණන් පහත හෙළීමට කටයුතු කිරීම, දැනට බලපවත්නා අංක 1762/1/2012 ජුලි 11 ගැසට් පත්‍රයේ ඇති ලී බඩු ප්‍රවාහන බලපත්‍රය සඳහා (සදා නිම කළ ගෘහ භාණ්ඩ) අර්ථකථනයක් ලබා ගැනීම, දැව ආශ්‍රිත පොදු සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා පදම් කරන ලද දැව ලබා දීම, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ දැව භාණ්ඩ ඉල්ලුම කාර්මික සංවර්ධන මණ්ඩලයට ලබා ගැනීම, ණය පහසුකම් ලබා ගැනීම, වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා ගැනීම, දැව ආශ්‍රිත භාණ්ඩ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනික බදු සහන ක්‍රම යටතේ ලබා ගැනීම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් දිවයින පුරා ගෘහ භාණ්ඩ අලෙවි ප්‍රදර්ශන පැවැත්වීම, වඩු කාර්මික නවීන යන්ත්‍රසූත්‍ර සහනදායී ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීම’ ආදී දැව ආශ්‍රිත කර්මාන්තයේ ප්‍රමුඛතම ගැටලු දැව ආශ්‍රිත කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කෙරිණි.

එහි දී එම ගැටලු හා යෝජනා රාජ්‍ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් වෙත ඒ මොහොතේදීම ඉදිරිපත් කරනු ලැබීය.

ඒවා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට ඇති බාධාවන් හා හැකියාවන් අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි දී විමසා බැලීය. ‘දැව කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස එම ගැටලු විසඳා දෙමින් යෝජනා ක්‍රියාත්මක කිරීම’ පිළිබඳව අඛණ්ඩව ක්‍රියාත්මක වන ලෙස අමාත්‍යවරයා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
2020.09.25

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Related Posts

Leave a Reply

*