BREAKING NEWS

වැලිඔය කර්මාන්තපුරය ඇමති විමල් අතින් විවෘත වෙයි

රුපියල් මිලියන 360ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) විවෘත විය.

මෙම කර්මාන්තපුරය මගින් ඉදිරියේදී ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත දෙදහස් පන්සීයකට රැකියා ලබාදීමට නියමිතය. ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති New Universe Corporate Clothing පෞද්ගලික ආයතනය සහ Stylish Casual Ware ආයතනය මේ වන විට රුපියල් මිලියන 272.5ක ආයෝජන සිදු කරමින් 1,020කට රැකියා ලබාදීමට ඉදිරිපත්ව සිටියි .

මෙම අවස්ථාවට New Universe Corporate Clothing පෞද්ගලික ආයතනයේ සභාපති අමීන්ද විමලසේන මහතා ඇතුළු ආයෝජකයන් පිරිස ද අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, කර්මාන්ත සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වින්දික පියරතන ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*