BREAKING NEWS

විමල් වීරවංශයන්ගේ විජයග්‍රහණය පිණිස රැස්වූ ජානිපෙ කැස්බෑව ආසන ක්‍රියාකාරී හමුව…

මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංසක 19 යටතේ තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විජයග්‍රහණය පිණිස ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී කැස්බෑව ආසන ක්‍රියාකාරී කමිටුව රැස් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටි අතර බොරලැස්ගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි, කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු වන අතුල සේනානායක, රංජිත් පත්මසිරි ඇතුළු ආසන ක්‍රියාකාරී කමිටුවේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*