BREAKING NEWS

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තත්වයේ ආහාර ‌රසායනාගාරයක්!

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අද(13) දිනයේ ආහාර නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් නිකුත් කිරිමේ නවීන තාක්ෂණික පහසුකම්වලින් සපිරි ආහාර ‌රසායනාගාරයක් රටට දායාද කළේය. එම ජාත්‍යන්තර ආහාර ‌රසායනාගාරය ජනතා අයිතියට පැවරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරිණි.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ පිරිස අමතා අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත් , UNIDO ආයතනයේ ජාත්‍යන්තර තාක්ෂණ උපදේශක ආචාර්ය ජයිරෝ ඇන්‌ඩ්‍රෙස් ඩයස් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සිය නිෂ්පාදන සඳහා ලබාගත හැකි වනු ඇත. එමඟින් ඔවුනට ජාත්‍යන්තර වෙළෙදපොළෙහි වැඩි ඉඩකඩක් නිර්මාණය වනු ඇත.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*