BREAKING NEWS

ශ්‍රී ලංකාවේ වාෂ්ප ජනක යන්ත්‍ර සහ පීඩන ග්‍රාහක කර්මාන්තයට අදාළව නියාමන මණ්ඩලයක් පිහිටුවීම පිළිබද සාකච්ජාව…

ශ්රී ලංකාවේ වාෂ්ප ජනක යන්ත්ර සහ පීඩන ග්රාහක කර්මාන්තයට අදාළව නියාමන මණ්ඩලයක් පිහිටුවීමට අදාළ කැබිනට් පත්රිකාවේ සදහන් කරුණු පිළිබද සාකච්ජා කිරීමට එම ක්ෂේත්රයේ කර්මාන්තරුවන්, සම්බන්ධිත ආයතන සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (17) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

මෙරට වාෂ්ප ජනක යන්ත්ර නිෂ්පාදනය කරන කර්මාන්තරුවන්ගේ ඉල්ලීමට අනුව යෝජිත ”ශ්රී ලංකාවේ වාෂ්ප ජනක යන්ත්ර සහ පීඩන ග්රාහක මණ්ඩලය” පිහිටුවීමට අදාළ කැබිනට් පත්රිකාවේ සදහන් කරුණු මෙම සාකච්ජාවේදී දීර්ඝව සාකච්ජා කෙරිණි. මෙරට තේ, පොල්, කිරි, ටින් මාළු, පළතුරු බීම සහ වී ඇතුළු දේශීය නිෂ්පාදන කර්මාන්තය සදහා දැරිය හැකි මිලකට වාෂ්ප ජනක යන්ත්ර ලබාදීමේ හැකියාව සහ නිෂ්පාදිත වාෂ්ප ජනක යන්ත්රවල ආරක්ෂිත ප්රමිතීන් සහතික කිරීම සදහා ස්වාධීන තෙවන පාර්ශවිය ආයතනයක් නොමැති වීමෙන් කර්මාන්තරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබදව මෙහිදී අවධානය යොමුවිය. දියුණු කර්මාන්තයක් ලෙස නැංවිය හැකි මෙම ක්ෂේත්රය දියුණු කරලීම මගින් දේශීය අවශ්යතාවය සපුරාලීමට අමතරව අපනයනය පවා සිදුකිරීමේ හැකියාව පිළිබදව කර්මාන්තකරුවෝ අමාත්යවරයාගේ අවධානය යොමු කරවූ අතර හැකි ඉක්මනින් එය සිදුකිරීමට තමන් මැදිහත්වන බව අමාත්යවරයා කර්මාන්තකරුවන්ට පොරොන්දු විය.

කර්මාන්ත අමාත්යාංශය යටතේ පවතින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) මේ සදහා අවශ්ය මැදිහත්වීම සිදුකරමින් එම ආයතනය තුළ මෙම නියාමන මණ්ඩලය පිහිටුවීමට අවශ්ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර පාර්ලිමේන්තු පනතක් මගින් එම මණ්ඩලය ස්ථාපනය කිරීමට අදාළ කැබිනට් පත්රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සුදානම් බව අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අංශයේ අධ්යක්ෂ කපිල නිශාන්ත, වාෂ්ප ජනක යන්ත්ර සහ පීඩන ග්රාහක කර්මාන්ත ක්ෂේත්රයේ කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

#WimalWeerawansha #MinistryofIndustries #IDB

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*