BREAKING NEWS

“සුපිරි ක්‍රිකට් තරුවක් – සුපිරි නිමැවුම්කරුවෙක්” හමුවීම ඇතුළුව ගෙවුණු මහජන දිනයක් !

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සුපුරුදු පරිදි බදාදා මහජන දිනයේදී ජනතා ප්‍රශ්න විසඳමින් කාර්යබහුල විය. අද මහජන දිනය වැඩසටහන ඇතුළත හිටපු ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් මහතා ද දැකගත හැකි විය. ඔහු පැමිණ සිටියේ වීරවංශ ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදක සහන් දික්මාදුගොඩ මහතාට සහාය දෙන්නට ය. තමාගේ ඉදිරි ක්‍රිකට් තරග සඳහා සහන්ගේ “STAUNCH” පිත්ත යොදාගනිමින් එය ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය කරවීමට ටී. එම්. ඩිල්ෂාන් මහතා මෙහිදී එකඟ විය.

එසේම අද මහජන දිනය වැඩසටහන තුළ තවත් සුවිශේෂී පුද්ගලයකු ද දැකගත හැකි විය. ඒ පසුගියදා කොරෝනා රෝගය සමග ඇතිවූ මෙරට මුහුණු ආවරණ හිඟයට පිළියම් සෙවූ තරුණ නිමැවුම්කරුවා ය. ඔහු කැලණිය සරසවියේ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුවකු වන ධම්මික ප්‍රභාත්ය. සිය නිමැවුම වන “ශාකසාරමය ඖෂධීය මුහුණු ආවරණය” ද රැගෙන ප්‍රභාත් විමල් ඇමතිවරයා මුණගැසුණි. ඔහුගේ නිමැවුම ප්‍රවර්ධනයෙහිලා ගත හැකි සියලුම පියවර ගැනීමට විමල් වීරවංශ ඇමතිවරයා මෙහිදී එකගවිය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*