BREAKING NEWS

තල් අයිස්ක්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි!

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම අද (19) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කටයුත්ත සිදුකෙරුණි. තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය යටතේ තල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය, දිවයිනේ පැරණිතම අයිස්ක්‍රීම් නිෂ්පාදකයා වන ඇලරික්ස් ආයතනය විසින් සිදුකර තිබුණි.මෙම අවස්ථාවට ලංකා සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එක්ව සිටි අතර මෙහිදී ලංකා සතොස මගින් තල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලත් තල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරිම පිළිබදව දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීම ද විමල් වීරවංශ මහතා ඉදිරියේදී සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පවසා සිටියේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට සක්‍රීයව කටයුතු කරන ලෙසට තමන් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදුන් උපදෙස් මෙලෙස සඵල වීම සතුටට කරුණක් බව ය.එසේම තල් ආශ්‍රිත කර්මාන්තයන්හි නිරතව සිටින උතුරු-නැගෙනහිර පවුල් 70000ක් නගා සිටුවීමේ වැඩපිළිවෙළ හා මේ මොහොතේ සිට එක්වන ලංකා සතොස ආයතනයට තම ස්තූතිය පුද කිරීමට මෙම අවස්ථාව යොදා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ඇලරික්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුක ලියනගමගේ යන මහත්වරැ ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*