BREAKING NEWS

‘සෙත්සිරිපාය අදියර III : බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්‍රය’ ඉදිකිරීමට මුල්ගල තැබෙයි !

‘සෙත්සිරිපාය අදියර III: බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්රය’ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (22) සෙත්සිරිපාය පරිශ්රයේදී අග්රාමාත්ය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්යාපෘතිය නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා රාජ්ය අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්රියාත්මක කෙරෙන ව්යාපෘතියකි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 16.7 කි. වසර තුනහමාරක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු නිමකර රාජ්ය ආයතනයන්හි පරිහරණය පිණිස ලබා දීමට නියමිත ය.

මෙම අවස්ථාවට විෂය භාර රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්ය අමාත්ය සුසිල් ප්රේමජයන්ත, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,කර්මාන්ත අමාත්යාංශය2021.01.22

About the Author

Leave a Reply

*