BREAKING NEWS

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි තාරුණ්‍යයට රැකියා දොරටු විවර කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන එක්කර ගනිමින් කර්මාන්ත අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කල රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ-තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ ”රැකියා පොළ” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (11) උදෑසන බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි. කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ නීති වලට යටත්ව මෙම රැකියා පොළ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ශ්රී ලංකා යුධ හමුදාව ඇතුළු රාජ්ය ආයතන කිහිපයක් සහ දිවයිනේ ප්රමුඛපෙළේ පුද්ගලික ආයතන 50 කට අධික සංඛ්යාවක් සිය ආයතන වල පුරප්පාඩුව පවතින තනතුරු සදහා තරුණ තරුණියන් එක්කර ගැනීමේ අරමුණෙන් මෙම අවස්ථාවට පැමිණි සිටි අතර තරුණ තරුණියන් විශාල ප්රමාණයක් ද ඔවුන්ට ගැලපෙන රැකියා අවස්ථා සොයා ගැනීමේ අරමුණින් මෙම අවස්ථාවට සහභාගී විය.

යන්ත්රෝපකරණ නිෂ්පාදන ආයතන, ඉදිකිරීම් ආයතන, අහාර නිෂ්පාදන, ලෝහ ආශ්රිත නිෂ්පාදන , කඩදාසි, ඇගළුම්, පාවහන්,සම්භාණ්ඩ ආශ්රිත නිෂ්පාදන ආයතන, විදුලි උපකරණ නිෂ්පාදන ආයතන සහ සුපිරි වෙළදසැල් රැසක සිය ආයතනයන් හි විධායක, කලමනාකරණ, ලිපිකරු, සුපරීක්ෂක, යන්ත්ර ක්රියාකරු සහ ක්ෂේත්ර නිලධාරි යන තනතුරු සදහා තරුණ තරුණියන් තෝරා ගැනීම මෙහිදී සිදුකෙරිණි. පැමිණි සිටි තරුණ තරුණියන් අදාළ ආයතන විසින් එවෙලෙහිම සම්මුඛ පරීක්ෂණයට භාජනය කොට රැකියා අවස්ථා සදහා තෝරාගන්නා ලදි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*