BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගයට කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වෙයි…

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම කර්මාන්ත අමාත්යාංශ කාර්ය මණ්ඩලය විසින් පවත්වන නත්තල් කැරොල් ගී ප්රසංගය කර්මාන්ත අමාත්යාංශ ශ්රවණාගාරයේදී අද (21) පැවැත්විණි. කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජනරාල් දයා රත්නායක මැතිතුමන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරාධනය පිළිගනිමින් අමාත්ය විමල් වීරවංශ මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

කර්මාන්ත අමාත්යාංශයේ සේවයේ නියුතු කතෝලික බැතිමතුන්ට නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කල අමාත්යවරයා කැරොල් ගීත ගායනාවන් කිහිපයකට සවන් දුන් අතර කාර්ය මණ්ඩලයේ ඉල්ලීමෙන් ගීතයක් ද ගායනා කරන ලදී. සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුව පැවති මෙම කෙටි කැරොල් ගීත ප්රසංගය වෙනදා මෙන් දීර්ඝ ලෙස නොපැවැත්වූ අතර කෙටි වේලාවකදී අවසන් කරන ලදී

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජනරාල් දයා රත්නායක මැතිතුමා, අතිරේක ලේකම්වරු, අංශ ප්රධානීහු ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යාංශය
2021.12.21
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*