BREAKING NEWS

“කර්මාන්ත අංශ 19කට අදාළව හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහ බැංකුව – රේගුව යන පාර්ශ්ව සමඟ සාකච්ඡාකර කඩිනමින් විසඳුම් දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පැවසීය.

අද (29) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අංශ 19ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

මෙම සාකච්ඡාව අරඹමින් කර්මාන්ත අමාත්යාංශය පෙන්වා දුන්නේ කර්මාන්ත සඳහා අත්යවශ්ය අමුද්රව්ය ගෙන්වා ගැනීම සඳහා බාධාවක්ව පැවති ආනයන සීමා විශාල ප්රමාණයක් පසුගිය ජූනි 11 වැනිදා ගැසට් නිවේදනය මගින් ලිහිල් කර ඇති බවත් තවදුරටත් ආනයන සීමා පවතින, කර්මාන්ත සඳහා අත්යවශ්ය, අමුද්රව්ය පිළිබඳ සමාලෝචනයක් සිදුකර ඒවා ගෙන්වීමට අනුමැතිය ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති බවත් ය.

ඩොලර් ගනුදෙනුවලදී බැංකු මගින් සිදුවන ප්රමාද දෝෂ, ඩොලර් නිකුත් නොකිරීම ආදී ඩොලර් හා බැඳුණු ගැටලු රැසක් මෙහිදී බොහෝ අංශ නියෝජනය කරන කර්මාන්තකරුවෝ ඉදිරිපත් කළහ. එමෙන්ම රේගුව හරහා භාණ්ඩ ගෙන්වීමේදී මතුවන ගැටලු රැසක් ද මෙහි දී කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ.

මෙහි දී හඳුනාගත් ගැටලු විසඳා දීම සඳහා මුදල් අමාත්යාංශය, මහ බැංකුව හා රේගුව යන පාර්ශ්වවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කඩිනමින් රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස අමාත්යවරයා අමාත්යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් අතර එම රැස්වීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ මෙම කර්මාන්ත අංශ 19 හි නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට ද තීරණය කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් දයා රත්නායක, අතිරේක ලේකම් එස්. එල්. නසීර් යන මහත්වරු ද අගය එකතු කළ තේ නිෂ්පාදන අංශය, සැකසූ ආහාර නිෂ්පාදන අංශය, කොහු ආශ්රිත නිෂ්පාදන අංශය, කුළුබඩු අංශය, ඇසුරුම් ද්රව්ය කර්මාන්ත අංශය, රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අංශය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන අංශය, මෝටර් රථ එකලස් කිරීමේ අංශය, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ අංශය, බෝට්ටු සෑදීමේ සහ එයට අනුබද්ධ කර්මාන්ත අංශය, දැව හා දැව ආශ්රිත නිෂ්පාදන අංශය, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්රැනයිට් නිෂ්පාදන අංශය, තීන්ත හා තීන්ත ආශ්රිත නිෂ්පාදන අංශය, විදුලි හා විද්යුත් භාණ්ඩ නිෂ්පාදන අංශය, රූපලාවන්ය නිෂ්පාදන අංශය, ඖෂධ නිෂ්පාදන අංශය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශය, සම් නිෂ්පාදන අංශය, ලෝහ ආශ්රිත නිෂ්පාදන අංශය යන කර්මාන්ත අංශ 19 හි උපදේශක කමිටු සභාපතිවරු හා ඒවා නියෝජනය කරන කර්මාන්තකරුවෝ ද සහභාගි වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.09.29
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Related Posts

Leave a Reply

*