BREAKING NEWS

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය සදහා ආයෝජන අවස්ථා ලබාදීමේ විශේෂ වැඩසටහන…

දිවයිනේ සෑම ප්රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්ත ස්ථාපිත කරමින් කර්මාන්ත ව්යාප්තිය සමතුලිත කිරීම හා කර්මාන්ත ක්ෂේත්රයට යොමු වූ ව්යවසායකයන් සදහා උපරිම දිරිගැන්වීම් අවස්ථා ලබාදීම තුළින් කාර්මික සංවර්ධනය ප්රාදේශීය මට්ටම දක්වා ව්යාප්ත කිරීම අරමුණ කරගනිමින් ක්රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනේ සංකල්පීය පත්රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ සහ ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අදාළ ආයතන වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.මෙම ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක කිරීමේ ඇති අවශ්යතාවය, ව්යාපෘතියේ නිශ්චිත අරමුණ, ආයෝජන අවස්ථා ලබාගැනීමේ ක්රමවේදය, කර්මාන්තකරුවන් වෙත ලබාදිය හැකි බදු සහන ලබාදීම, කර්මාන්ත ආරම්භ කිරීම සදහා අවශ්ය ණය ලබාදීම, කර්මාන්ත ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම සදහා අවශ්ය නෛතිකමය අවබෝධය ලබාදීම, කර්මාන්තය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම සදහා අවශ්ය අතිරේක සහය ලබාදීම සහ ආයතනවල සහය කර්මාන්තකරුවන් වෙත ලබාදීමට කර්මාන්ත අමාත්යංශයට සිදුකළ හැකි මැදිහත්වීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ජාවට බදුන්විය. අමාත්යවරු දෙපලගේ අදහස් අනුව නව යෝජනා එකතු කොට මෙම සංකල්පීය පත්රිකාව අමාත්යවරු දෙපළ විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්රිකාවක් මගින් බලාත්මක කිරීමට යෝජනා විය.මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අධ්යක්ෂ වින්දිත පියරතන, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්යංශයේ සහ තරුණ හා ක්රීඩා කටයුතු අමාත්යංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.03.22
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*