BREAKING NEWS

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙහිදී මූලික වශයෙන් එම ප්රදේශයේ පවතින ඇළ මාර්ගය පුළුල් කොට සංවර්ධනය කෙරෙන අතර ඒ හා දිවෙන කිලෝමීටර් 2.3ක් දිගැති ඇවිදින මංතීරුවක් ද ඉදිකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ඉදිකිරීම් හි නිරත නිලධාරීහු සහ කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතා එක්ව සිටියේය.

මාධ්ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ.
2021.10.14
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*