2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි
“2021 ප්‍රතිඵල ආවේ අගෝස්තු අග – 2022 විභාගය දෙසැම්බර් මුල”
“2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි”
(අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් ලිපියක්)
2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා සාධාරණ කාලයක් ලබා දීම
2022 අපොස(උසස් පෙළ) විභාගයට පළමු වරට, දෙවන හා තෙවන වරට ද පෙනී සිටින සිසුන්ගෙන්, එම විභාගය 2022 දෙසැම්බර් මස 05 වැනිදා සිට පැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳව අප වෙත දිනපතා දැනුම්වත් කිරීම් රාශියක් සිදු වෙමින් පවතී. ඒ කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු කරමින් ඔබතුමන් වෙත මෙම ලිපිය යොමු කරමි.
වත්මන් අර්බුදකාරී තත්ත්වයන් මත අප රටෙහි අධ්‍යාපන පද්ධතිය මුහුණ පා ඇති ගැටළු, පසුබෑම් ක්‍රමිකව මඟ හරවා ගත යුතු අතර ඊට පිළියම් ලෙස සිසු මනස පීඩාවට හා ව්‍යාකූලත්වයට පත් වන තීරණ ගැනීම යෝග්‍ය නොවන බව අපගේ අදහස ය. එබැවින් 2022 අපොස(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.