BREAKING NEWS

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2020

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2020

ආදරණීය දුවේ පුතේ,

දුෂ්කර පැයක වුව නොසැලී…

දිවි මගේ නැවුම් කඩඉම් ජයගැනුමට සුසැදෙන…

ඔබ සැමට ⁣ධෛර්යය ශක්තිය පතමි.

(විමල් වීරවංශ)
කර්මාන්ත අමාත්‍ය
ජානිපෙ නායක
2020-10-11

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. H.ian roshendra fernando Reply

    ගරු තානාදිපතිතුමා ඇතුලු මාගේ රටට ..

    මේ මස අපට යාමට සැලසුම් කල ගුවන්‍ යානය අවලංගු වීම නිසා අප නැවත වරක් ඉතා අසරණ තත්වයට පත් වුයේමු. මාර්තු මස සිට රැකියාව නොමැති විම මත මාගේ කොන්ත්‍රාත් කාලය නිම විම සමඟ ලැබේන ගුවන් ප්‍රවේශපත ලැබිම නිසා මා රැකියාවේන් ඉවත් විය.ඒ මේ මස ලංකාවට යාමේ බලාපොරොත්තුවෙනි. දැන් නැවත මේ පැණනැගුනු තත්වය මත අපට රැදි සිටිමට නොහැකියාව පවති.දැඩි මානසික පිඩනය හමුවේ ජිවිතයේ අන්ත අසරණ තත්වයට පත්ව ඇත.ලංකාවේ ජිවත්වන පවුලේ පිරිසද දෙමාපියන්ගේ සහයමත ජිවත්වනවා මිස කිසිම සහයක් නොලැබි ඇත.බැංකු මගින් ලබා ගත් ණය වාරික වලින් තැලි පොඩිවී ජිවත් වන මා නැවත වරක් කොරෝනා වසංගතය හමුවේ අන්ත අසරණ වුවා මිස ලැබිනු දෙය නොවිය.
    පසුගිය පාස්කු ප්‍රහාරයේන් ඇතිවු ප්‍රබල සංචාරක ව්‍යාපාරයේ ඇද වැටිම මත විදේශ ගත වුනේ ණය බරින් නිදහස් වී පවුලේ අය හා සතුටින් ජිවත් විමට වසරක් වත් විදේශ ගත විමේ අරමුණ ඇතිවය.නමුදු මෙහි පැමිණ මාස 3ක් වැනි කාලයක් පමණක් පුර්ණ ලෙස සේවය කලේමි.මාර්තු මස සිට මාස 3ක් පඩි රහිත නිවාඩුද,නැවත අනෙකුත් මාස සදහා අවම දින 8,ක් හෝ 12 අතර කාලයක් රැකියාව කිරිමට හැකි විය.
    නමුත් එම දිනවලට ගෙවන වැටුප ජිවිතයේ ගමන යාමට නොහැකි විය.
    මැතිණියණි,මහත්මායාණනි,
    මේ මස මාගේ උපන් රටට ඒමට තිබු අවස්තාව හැකි විගස ලබා දෙන්න.සියලුම නිරෝදාන ක්‍රියාවලි වලට සහයොගි වෙමින් නැවත මාගේ දෙපයින් මාගේ මව් රටේ රැකියාවක් කර දරුවන් ,බිරිද සමඟ දිවි ගෙවන්න අවස්තාව ලබා දෙන්න.
    මේ කාරුණීක අයදිම පිලිගනු මැනව.
    ඉයන් රොශේන්ද්‍ර ප්‍රනාන්දු.

Leave a Reply

*