— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක්
“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…
ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!
“ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ
විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි!
“ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි
චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට
“නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන දොරට වඩී!
“ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම සමනයට සෑම ලෝක බල කඳවුරක්ම වහා කටයුතු කළ යුතුයි!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!
Posted On
24 Dec 2019
By :
WW Media
Comment: 0
සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!
’සාමය උදෙසා ලෝකවාසීන් අවදි කරලීම’ යන අරුතෙන් සැමරෙන තවත් නත්තල් දිනයක් අදට (25) යෙදී තිබේ. ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරමින් ද ඉහත අරුත වටහා ගනිමින් ද එය මිනිස් සිත්සතන් තුළ ගැඹුරින් සනිටුහන් කිරීම මේ උතුම් දිනයේදී කිතුණු බැතිමතුන්ගේ කාර්යභාරය වී තිබේ.
සමස්ත ලෝකවාසීන්ට යහපත් හෙට දිනයක් උදා කරලීම වෙනුවෙන් සියල්ලෝ සාමය වෙනුවෙන් කැප විය යුතු වුව ද පවිටු බලවේග ඊට ඉඩ නොතබයි. ඔවුන් රටවල් අතර ද රටවල් තුළ ද සියුම්ව ගැටුම් ඇවිලවීමට කළ හැකි සියල්
ල කරමින් සිටී. අප ද රටක් ලෙස එවැනි පවිටු බලවේගවල ගොදුරක්ව පැවැති බව 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මැනවින් පැහැදිලි විය. මෙරට එවැනි පවිටු බලවේගවලට උඩගෙඩි දුන් පිරිස් දැන් පසුබැස සිටියත් තවදුරටත් ඒ පිළිබඳව විමසිලිමත් වීම සාමයට ලැදි අප සැමගේ වගකීමක්ව පවතී.
“ජාතීන් අතර සහජීවනය – ලෝක සාමය – මානව හිමිකම්” ආදී විසිතුරු වදන්වලට මුවා වෙමින් ලොව පුරා ක්‍රියාත්මක එම ගෝලීය පවිටු බලවේග හඳුනාගෙන ඒවා පැරදවීමේ අදිටන ඇතිකර ගත හැකි සුදුසුම මොහොත වන්නේ ද මෙම නත්තල් උදාවයි. එසේම රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනගමින් යහපත් හෙට දිනයක් නි්ර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමට මෙරට කිතුණු බැතිමතුන්ට හැකිවේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු.
විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2019-12-25
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයට අයත් ආයතනයන්හී, ආයතන ප්‍රධානීන් හමුවෙයි.
Next Story
කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම.
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.