BREAKING NEWS

කොළඹ නගරයත් විමල්ගේ විජයග්‍රහණයට සැරසෙයි !

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙවර මැතිවරණයෙන් ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම පිණිස අවශ්‍ය සැලසුම් සැකසීම සඳහා අද (21) දිනයේ දී ජානිපෙ කොළඹ නගර ක්‍රියාකාරී කමිටුව ද රැස් විය.

මෙම අවස්ථාවට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ද ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර කොළඹ මහ නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය, නාගරික මන්ත්‍රිනී බී. චන්ද්‍රිකා යන මහත්ම මහත්මීහු ඇතුළු ආසන සභා නියෝජිතයෝ ද සහභාගි වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*