BREAKING NEWS

පස් කන්දකට යටවීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට රජයෙන් වන්දි මුදලක් ! නව නිවසක් ලබා දීමට ද ඇමති විමල් මැදිහත් වෙයි

කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට රජය මගින් ලබා දෙන වන්දි මුදලට අදාළ චෙක්පත අද (14) කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එම තරුණියගේ මවට ප්රදානය කරනු ලැබීය. එසේම එම පවුලට කඩුවෙල ආසනය තුළ ඉඩමක් ලබා දී නව නිවසක් ඉදිකර දීමට ද විමල් වීරවංශ මහතා මැදිහත් වී තිබේ.

තමන් විසූ කුලී නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් ගීතිකා ශ්යාමලී තරුණිය අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබිණි. ඉදිකිරීම් සමාගමක් මඟින් සංවර්ධනය කරමින් තිබූ ඉඩමක තාප්පයක් ද සමඟ පස් කන්දක් ඉහත නිවසට කඩා වැටී තිබුණු අතර අමාත්ය විමල් වීරවංශ මහතා එම සමාගමේ ප්රධානීන් සමඟ සිදු කළ සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස ඉහත පවුලට කඩුවෙල ආසනයෙන් ඉඩමක් ලබා දී මාස 06ක් තුළ නව නිවසක් ඉදිකර දීමට ඔවුන් එකඟ විය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න, කඩුවෙල ප්රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*