BREAKING NEWS

” බැංකුවල ඇතැම් ආකල්ප රටේ ආර්ථික දියුණුවට අඩ තබා තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ව්යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

පසුගියදා තංගල්ල ගෝල්ඩන් පර්ල් හෝටලයේ දී පැවැති ‘ ‘දකුණු පළාත් ව්යවසායක සම්මාන ප්රදානෝත්සවය – 2020’ට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සිය දේශනයේ දී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

” කොරෝනා වසංගතය හේතුවෙන් සාමාන්ය දිවි පැවැත්මට එල්ල වී ඇති අභියෝග මැද හම්බන්තොට දිස්ත්රික් වාණිජ මණ්ඩලය හා ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය එක්ව පවත්වනු ලබන ‘දකුණු පළාත් ව්යසායක සම්මාන ප්රදානෝත්සවය 2020′ සඳහා ප්රධාන ආරාධිතයා ලෙස ලැබුණු ඇරයුම අනුව අද තංගල්ලට පැමිණියේ ඒ ව්යවසායකයා දිරිගැන්වීමේ වගකීමට රුකුලක් වන නිසයි. දකුණු පළාත කියන්නේ මේ රටේ ආර්ථික බලවතුන් බිහිවුණු පළාතක්. රට පුරා තිබෙන ‘මාතර බත් කඩ’, ඕනෑම දිස්ත්රික්කයක වෙළඳ සංගම් ගත්තොත් ඒවායේ සභාපතිවරු, ලේකම්වරු බොහෝ විට දකුණේ අය වීම අපට කියන්නේ දකුණේ මිනිසා තුළ තිබෙන සුවිශේෂ ව්යවසායකමය, කර්මාන්තමය හැකියාවයි. ඒ නිසා දකුණු පළාතේ නූතන පරපුර ද අපේ රටේ ව්යවසායකත්වයේ බලසම්පන්න කොටසක් අත්පත් කරගත යුතුව තිබෙනවා.

‘ අභියෝග ඉදිරියේ දණින් නොවැටී උත්තර හොයන මිනිස්සු’

අභියෝග ඉදිරියේ දණින් නොවැටී උත්තර හොයන මිනිස්සුන්ට විතරයි සාර්ථකත්වය කරා ගමන් කිරීමට පුළුවන්. ‘මේඩ් ඉන් ශ්රී ලංකා වෙළඳ ප්රදර්ශනය – 2021’ට ඉතාම හොඳ දේශීය නිෂ්පාදනයක් ඉදිරිපත් කරපු තරුණයකුගෙන් මා ඔහු පිළිබඳ විස්තර විමසුවා. ඔහු ඉතාම මෑතකදී විශ්වවිද්යාලයෙන් පිට වූ තරුණයෙක්. මම ඇහුවා

‘උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනවනෙ ඇයි ඉල්ලුම් නොකළේ?’ කියා. ඔහු පැවසුවා ‘මට තියෙන්නෙ උපාධිය අරගෙන මගේ රස්සාව හොයාගන්න එක නොවෙයි. මම අනෙක් අයට රැකියා උපද්දවන්න පුළුවන් වැඩ කොටසක් කළ යුතුයි’ කියා. අපට උවමනා එහෙම හිතන මිනිස්සුයි. ‘මම ව්යවසායකයෙකු වෙනවා’ කියන අදහස පාසලේ දී දරුවන්ගේ ඔලුවේ පැල කරන්නේ නැහැ. ඔවුන්ගෙන් විමසුවොත් කියන්නේ ‘මම වෛද්යවරයකු, ඉංජිනේරුවකු, නීතිඥයකු වෙනවා’ කියන එකයි. පාසලේදී අවුරුද්දකට වතාවක් පවත්වන ‘පොළ’ විතරයි ව්යවසායකත්වය පුහුණු කරන එකම තැන. ‘ව්යවසායකත්ව සංස්කෘතියක්, කර්මාන්ත කිරීමේ උණක්’ පාසල තුළ නිර්මාණය නොකර අපට රටක් හැටියට සාර්ථක ව්යවසායන්, කර්මාන්ත ගොඩනැගීමට අපහසුයි.

‘ හරි වෙලාවට – හරි තීරණය ගැනීම’

අපි දියුණු යැයි සලකන රටවල පාසල්වල වාහනයක් කැඩුණාම හදාගන්න හැටිත් උගන්වනු ලබනවා. අධ්යාපනය කියන්නේ ප්රායෝගික අභියෝග ජයගැනීම සඳහා දරුවන් මෙහෙයවීම. එහෙම නැතිව ‘ කටපාඩම් කරලා, මතකය ගබඩා කරගත්තු දැනුම වැඩියෙන් මතකයේ තිබෙන්නේ කාටද ?’ කියන එක නොවෙයි. මම පාසල් යන අවධියේ ජවිපෙ දේශපාලනය තෝරා ගත්තේ ඉතාමත් අවදානම් කාලයක් වූ 80 දශකයේ අග භාගයේදීයි. අපට අවදානම්වලට මුහුණ නොදී ඉදිරියට යන්න බැහැ. ව්යාපාර කරන විට අපට පුළුවන් වෙන්න ඕනේ ‘හරි වෙලාවට – හරි තීරණය’ ගන්න. කොරෝනා වසංගතයේ මැද්දේ වුවත් සාර්ථක වූ ව්යාපාර තිබෙනවා. අලුතෙන් නිර්මාණය වන වෙළඳපොළ අවස්ථා අධ්යයනය කරමින්, සංවේදීව නිවැරදි තීරණ ගන්නා අයගේ ව්යාපාර ඥානය පුළුල් වෙනවා. සාර්ථක ගමනක් යෑමට හැකියාව ලැබෙනවා. මේ රටේ එවැනි ව්යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්ය සෑම සහයෝගයක්ම රජයක් ලෙස ලබාදීමට අප සැමවිටම කටයුතු කරනවා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මේ රටට අභයදානය රැගෙන ආ, ඒ වගේම මේ රටේ ඉතිහාස කතාව මේ රටේ සුජාත දූ පුතුන්ට වුවමනා ආකාරයට ලියනු ලැබූ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ නායකත්වයෙන් අපි මේ රටේ දේශීයත්වයට පණ දෙන, දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන යුගයක් අරඹා තිබෙනවා. ඒ පදනම මත ඔබ හරියට හිටගත්තොත් ලෝකය දිනන ව්යවසායකයන් බවට පත්වීමට හැකි වේවි. ඉවසීමෙන්, යම් යම් අභියෝග මතු වෙද්දී කලබල නොවී, තිරසාර මනසකින් යුක්තව කටයුතු කළොත් ඔබට ඉලක්කය කරා යාමට හැකි වේවි.

‘ හොඳ හිතක් නැති බැංකු’

දකුණු පළාත තුළ පමණක් නොවෙයි, රටේම ව්යවසායකයන් බලගැන්වීමට අපි විසින් පියවර ගෙන තිබෙනවා. අපට අද හැකිව තිබෙනවා, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමකට ගෙන ඒමට. පැවති යහපාලන ආණ්ඩුව කාලයේ එය ඉලක්කම් දෙකක අගයකයි තිබුණේ. ව්යාපාරිකයා බැංකු පොහොසත් කරනවා, බැංකු ව්යාපාරිකයාව සූරා කනවා. මුලදී ව්යාපාරිකයා බැංකු සොයාගෙන යනවා. ව්යාපාරය සාර්ථක වුණාමයි බැංකු, ව්යාපාරිකයා හොයාගෙන එන්නේ. එහෙම ඇවිත් ඒ ව්යාපාරිකයා මත අනවශ්ය ණයක් බලෙන් පටවනවා. ඒක ගෙවා ගන්න බැරි වුණාම අතදෙන බැංකු තිබෙන්නේ අල්පයයි. ‘ සුහද හදක්’ තියෙනවා කිව්වාට බොහෝ බැංකුවලට හොඳ හිතක් නැහැ.

‘ බැංකු හිතන විදිහ’

අපේ රටේ ආර්ථිකය ගොඩගන්න නම් මේ බැංකුවල හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ. ජපානය වැනි රටවල ව්යාපාරිකයන්ට ඉතාම අඩු පොලියට ණය දෙනවා. ව්යාපෘති වාර්තාවක් පමණයි එහිදී සලකා බලන්නේ. ව්යාපාරිකයා අමාරුවේ වැටුණෙත් උපදෙස් ලබා දීමටත් ඒ බැංකු මැදිහත් වෙනවා. අපේ රටේ බැංකු, ව්යාපාරිකයා අමාරුවේ වැටුණොත් ඇපයට තැබූ දේපළ ටික සින්නකර ගන්න විදිහ හිත හිතා ඉන්නවා මිසක් මැදිහත් වන්නේ නැහැ. ඒ මනුස්සයාව නැගිටුවා දිගු ගමනක් යන්න හිතන බැංකු මේ පොළොවේ නැහැ. කොරෝනා වසංගතය හේතුවෙන් 4% පොලියට කාරක ප්රාග්ධන ණය ලබාදීමට බැංකු සමග පැවති සාකච්ඡාවලට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග මම ද සහභාගි වුණා. ඒකටත් මේ බැංකු එකඟ කරවා ගත්තේ බොහෝ අමාරුවෙන්.

‘ කුඩා ව්යාපාරිකයන්ට ණය දෙන්න උනන්දු නැහැ’

ව්යවසායකයන්, කර්මාන්තකරුවන් නොමැති නම් බැංකුවලට පවතින්න බැහැ. බැංකු, ණය දෙන්න කැමති ඉතා ඉහළ ව්යාපාරවලට. අවදානමක් අරගෙන කුඩා, කුඩා ව්යවසායකයන්ට ණය ලබා දෙන්න එතරම් උනන්දුවක් නැහැ. බැංකුවක් බිලියනයක ණයක් ඉහළ ව්යාපාරිකයෙකුට දුන්නොත් යන්න වෙන්නෙ ඔහු පිටුපස පමණයි. ඒ මුදල සිය දෙනෙකුට දුන්නොත් සියදෙනෙක් පිටිපස්සේ යන්න වෙනවා. ඒක ඇගට අමාරු වැඩක්. මෙන්න මේ කියන බැංකුවල අලස මානසිකත්වය අපේ රටේ ආර්ථික දියුණුවට අඩයක් තබා තිබෙනවා. මේ බැංකුවල මූල්ය ප්රතිපත්තිය වෙනස් කරගෙන යෑමත් අපේ ආණ්ඩුවට තිබෙන අභියෝගයක්. මෙවැනි අභියෝග ජයගෙන ඉදිරියට යාමට අපේ ආණ්ඩුව පියවර ගන්නවා.

අධ්යාපනයේ වෙනස්කම් සිදු කරමින්, මෙවැනි මූල්ය ප්රතිපත්තිවල වෙනස්කම් සිදු කරමින් තමයි අපට දියුණු ‘ව්යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගිය හැක්කේ. ඉන්දියාව කියන්නේ දේශීය ව්යවසායකයන් හා කර්මාන්තකරුවන් බලසම්පන්නව ගොඩනැඟු රටක්. ඉන්දියානු සිනමාපටවල අපි දකිනවා, ඉන්දියානු පොලිසිවලින් සහ රජයේ කන්තෝරුවලින් වැඩක් කරගෙන යන විට ‘ජය හේ ඉන්දියා’ කියා කියනවා. අපේ රටේ මොන රජයේ කන්තෝරුවේ ද එහෙම ‘ජයවේ ශ්රී ලංකා’ කියා කියන්නේ. ඉන්දියාවේ සිනමා කර්මාන්තය තමයි ඒ රටේ ආර්ථිකයේ අත්තිවාරම. ඉන්දීය සිනමාපටවලින් මොන දේ විවේචනය කළත් අවසානයේදී ‘භාරතය’ ට වටිනාකම දීලයි එය අවසන් වෙන්නේ. අපේ රටේ සිනමා කෘති අවසන් වෙන්නේ වටිනාකම දීම කෙසේ වෙතත් ලංකාවටත් සමච්චල් කරලයි. ඒ සංස්කෘතික පදනම තමයි ඉන්දියාවේ ව්යවසායකයා, ස්වදේශිකයා බලගන්වමින් ඔවුනට ජීවය ලබා දෙන්නේ. එවැනි දේවල් දිහා බලමින් අපි අපේ අඩුපාඩු සකස් කරගත යුතුව තිබෙනවා.

අපට බුදුදහම දායාද කළේ අපේ අසල්වැසි ඉන්දියාව විසිනුයි. අපි සියවස් ගණනාවක් තිස්සේ ඒ දහම ආරක්ෂා කරනවා. ඒ විශිෂ්ටතම දහම තමයි මුලින්ම ලොවට ව්යවසායකත්වය ගැන දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ධාර්මිකව උපයා ගන්නා දේ කළමනාකරණය කර ගන්නා ආකාරය. මේ පිළිබඳව හරියට අවබෝධ කර ගතහොත් අපට ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසයෙන් ඉදිරියට යාමට හැකියි.”

මෙහිදී “දකුණු පළාත් ව්යාපාරික කවයේ ප්රමුඛයන් අතර විශිෂ්ටතම ව්යවසායකයා ලෙස එවර්ග්රීන් තේ කර්මාන්ත ශාලාවේ සභාපති එම්.ටී. අරුණ ද සිල්වා මහතා සම්මානයට පාත්ර විය. එසේම ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්රික් තුන නියෝජනය කරමින් ක්ෂුද්ර, කුඩා, මධ්ය හා මහා පරිමාණ ව්යවසායකයෝ 20 දෙනෙක් ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී, හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපුල් ගලප්පත්ති, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ජී.ආර්. ඩිපින්, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ගාල්ල, මාතර දිස්ත්රික් වාණිජ මණ්ඩලයන්හි සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්
කර්මාන්ත අමාත්යාංශය
2021.02.21
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*