BREAKING NEWS

ජල නල සදහා යොදාගනු ලබන PVC බට වර්ග, ප්ලාස්ටික් බට වර්ග ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනයන් කරනු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් අතර සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී කර්මාන්තකරුවන් කියා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන නිමවා අවසන් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සදහා බදු අය කිරීමක් සිදු නොවන අතර දේශීයව නිෂ්පාදනය කරන ප්රාථමික අමුද්රව්ය සදහා 1kg සදහා රු 10ක බදු මුදලක් අය වන බවයි. එමගින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත් වන බැවින් ඒ සදහා පියවරක් ගන්නා ලෙස ඔවුන් අමාත්යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අමාත්යතුමා උපදෙස් ලබා දෙන ලද්දේ ඒ සදහා අදාළ කැබිනට් පත්රිකාවක් සකස් කරන ලෙසටයි. එහිදී දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි (pvc බට ) නිෂ්පාදන හැර අනෙකුත් ප්ලාස්ටික් නිෂ්පාදන නිමවා අවසන් කර වෙළඳපොළට නිකුත් කිරීමේදී ඊට අදාළ බදු මුදල අය කිරීමටත් අමුද්රව්ය ලෙස මිලදී ගැනීමේදී බදු අය නොකරන ක්රම වේදයක් සකසන ලෙසටත් එතුමා යෝජනා කළ අතර ඒ පිළිබඳව විධිමත්ව සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, එස්ලෝන් ලංකා පුද් සමගම සහ සමස්ත ලංකා ප්ලාස්ටික් කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*