BREAKING NEWS

“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ස්වාධීන කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන එන පනතින් සිදුවන්නෙ එම ආයතනය අන්ත දූෂිත තත්වයට පත් කිරීම බවත් ලෝකයේ එවැනි උදාහරණ රාශියක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

ඕනෑම රාජ්‍ය ආයතනයක් තමන්ගෙ ක්‍රියා කලාපයේදී ස්වාධීනව කටයුතු කළ යුතු වුවත් ඒ හැම ආයතනයක්ම පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් එනමුත් මෙම පනත මඟින් මහ බැංකුව පාර්ලිමේන්තුවට හෝ බලයට පත්වෙන කිසිම ආණ්ඩුවකට වග නොකියන තත්වයකට පත් වෙන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*