BREAKING NEWS

දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි තවත් ඉදිරි පියවරක්..!

වසරකට මෙරට පාවහන් අවශ්යතාව වන මිලියන 25-40ත් අතර ප්රමාණයෙන් දේශීයව නිපදවන 60% – 65%ක ප්රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්රිත, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් නිර්මාණය කොට ඔවුන් බලගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්යාංශය සහ ශ්රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනය එක්ව සංවිධානය කළ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණුලාභී දෙවන කණ්ඩායම වෙනුවෙන් සහතික පත්ර ප්රදානය කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (11) කර්මාන්ත අමාත්යාංශයේදී සිදු විය.

කර්මාන්ත අමාත්යාංශයට අනුබද්ධිත ශ්රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය පුහුණු පාඨමාලාව සංවිධානය කිරීම සහ පැවැත්වීම සිදු කරන අතර කර්මාන්ත අමාත්යාංශය ඊට අවශ්ය ප්රතිපාදන සපයනු ලැබීය. දෙවන කණ්ඩායම ලෙස කොළඹ දිස්ත්රික්කයේ කැස්බෑව, මහරගම, කොලොන්නාව යන ප්රදේශ නියෝජනය කරමින් තෝරාගත් පිරිසක් වෙත ලබාදුන් දින 10ක මෙම පුහුණු පාඨමාලාව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්රදේශ ද ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

පුහුණුලාභීන් විසින් නිර්මාණය කළ පාවහන් මෙහිදී අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඒවා ඉතා හොඳ මට්ටමේ පවතින බව අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේය. දේශීය වෙළදපොළ ඉලක්ක සපුරන අතර අපනයන වෙළදපොළ ද ඉලක්ක කර ගනිමින් පාවහන් නිෂ්පාදනය කිරීමට අවශ්ය දැනුම සහ සහයෝගය ඉදිරියේදීත් ලබාදීමට කර්මාන්ත අමාත්යාංශය වශයෙන් සුදානම් බව පිරිස අමතමින් අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය. සමාජ මාධ්ය ඇතුළු අලෙවිකරණ මාධ්ය ප්රබලව ක්රියාත්මක වන වර්තමානයේ වෙළදපොළක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් එවන් මාධ්ය ද යොදාගන්නා ලෙස අමාත්යවරයා පුහුණු ලාභීන්ට කියා සිටියේය. සහනාධාර වෙනුවට ධනය උපයන මාර්ග නිර්මාණය කර දීමේ වැදගත්කම ද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම නව ව්යවසායකයන් කණ්ඩායමට පාවහන් නිෂ්පාදන කර්මාන්තයට අවශ්ය උපකරණ ද මෙහිදී නොමිලේ ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් එන්. ජී. පණ්ඩිතරත්න, ශ්රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සරත් ප්රනාන්දු, අධ්යක්ෂ මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික, එම ආයතනයේ පාවහන් හා සම්භාණ්ඩ අංශ ප්රධානී සරත් විජේබාහු, සහකාර තාක්ෂණික නිලධාරිනි රුක්ෂිනිද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2022-01-11
About the Author

Related Posts

Leave a Reply

*