“නැඟෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ගත් තීන්දුව ඓතිහාසිකයි. එය හෑල්ලුවට ලක් කරන්නේ එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුව...
Posted On 03 Feb 2021